දිවයිනට දකුණු දෙසින් පැවති අඩු පීඩන තත්ත්වය මේ වන විට නිරිත දෙසින් ස්ථානගතව පවතින අතර එය තවදුරටත් වර්ධනය වෙමින් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.
කෙසේ වෙතත්, මේ හේතුවෙන් උතුර, උතුරුමැද පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මාතලේ සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට ගිඟුරුම් සහිත වැසිත් සමඟ තද සුළං ඇති විය හැකි බවයි එමගින් සඳහන් කළේ.
මේ අතර, මුලතිව් – නයාරු ප්‍රදේශයෙන් ඊයේ (12) ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් තුන්දෙනෙකු රැගත් යාත්‍රාවක් අතුරුදන් වී ඇති බව පොලීසිය පවසනවා. මෙලෙස අතුරුදන් වී ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචි ධීවරයින් පිරිසක්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ හම්බන්තොට සිට ගාල්ල සහ කොළඹ හරහා මන්නාරම දක්වා වන මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර් 70 සිට 80 තෙක් ඉහළ යා හැකි බවයි.
ඒ අනුව එම මුහුදු තීරයේ ධීවර කටයුතුවල යෙදීම අවදානම් බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.