Gossips

වැසි ඉල්ලා ජය ශ්‍රී මහා බෝධියට පැන් පූජා කිරීම අද

ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට වැසි ලැබෙන ලෙසට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පැන් පූජා කිරීමේ මහෝත්සවය අද සිදුකිරීමට නියමිතයි.
ලංකා විදුලිබල මණ්ඩලය වාර්ෂිකව මෙම උත්සවය සංවිධාන කරන අතර, පස්වරු 3 ට පැන් කළ සහිත රිය පෙරහරක් ගල්කුලම විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතයි.
අනතුරුව එම රථ පෙරහර රුවන්වැලි මහා සෑය, අසළට පැමිණ රාත්‍රියේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ගොස් මෙම පූජාව සිදු කරනු ඇති.