Gossips

වැසිබර කාලගුණය තවදුරටත්

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන තත්ත්වය දැනට දිවයිනට දකුණ දෙසින් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සහ අවට මුහුදු ප්‍රදේශවල තවදුරටත් අහස වලාකුළින් බරව පවතින අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ.
උතුරු මැද, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට .කි.මී 45-50 දක්වා තරමක් වූ තද සුළං බලාපොරොත්තු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයේ සඳහන්.
එමෙන්ම දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් (මි.මි 75-100 අතර) තරමක් තද වැසි බලාපොරොත්තු වන බවත් එහි වැඩිදුරටත් දැක්වෙනවා.