Gossips

වැසිකිළි වලකින් බිළිඳු මළ සිරුරක්

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ පොදු වැසිකිලි වළක තිබී බිළිඳෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ මෙම සිරුර ඉතා නරක්වී තිබු බවයි.
චාවකච්චේරි පොදු වෙළඳසැල ආසන්නයේ පිහිටි අබලන් වූ වැසිකිලි වලකින් අද උදෑසන මෙම බිළිඳු සිරුර හමුවී තිබෙනවා.
වැසිකිලි වළ අවට ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් පැවතීම හේතුවෙන් ප්‍රදේශවාසීන් කළ පරීක්ෂා කිරීමකදීයි සිරුර හමුවී ඇත්තේ.
අනතුරුව පොලිසියට කළ දැනුම්දීමකින් පසු සිරුර ගොඩගෙන තිබෙනවා.
මුලික විමර්ශණවලදී අනාවරණ වී ඇත්තේ මීට දින 4 කට පමණ පෙර මෙම බිළිඳා වැසිකිළි වලට දමා ඇති බවයි.
එම ස්ථානයේදීම බිළිඳා ඉපදීමෙන් පසු මව විසින්ම වැසිකිළි වලට දමන්නට ඇතැයි සැක කෙරෙනවා.
බිළිඳු සිරුර චාවකච්චේරි රෝහලේ තැන්පත් කර ඇති අතර සැකකාර මව සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.