Gossips

වැසිකිළි වලකට වැටුනු වන අලි පැටවෙක් බේරා ගැනේ

කැබිතිගොල්ලෑව බෙල්ලන්කඩවල ප්‍රදේශයේ නිවසක කපා තිබු වැසිකිළි වලකට වැටී සිටි වන අලි පැටවෙකු බේරාගෙන තිබෙනවා.
අනුරාධපුර පණ්ඩුලගම වනජීවී කාර්යාල නිලධාරීන් විසින් අලි පැටවා බේරාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
නිවෙස් හිමියන් විසින් කළ දැනුම්දීමකට අනුව සොයා ගැනුනු මෙම අලි පැටවාගේ වයස මාස 3 ක් පමණ වන බව සඳහන්.
පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය කාර්යාලයට රැගෙන විත් ඇති අලි පැටවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවනවා.
තවත් දින කිහිපයකින් අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවනට මුදා හැරීමට නියමිත බව පශු වෛද්‍යවරුන් සඳහන් කළා.