Gossips

වැසිකිලි වළකට වැටී අරණායකදී දෙදෙනෙකු මරුට

වැසිකිළි වළකට වැටී පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.
අද (21) පෙරවරුවේ මෙම සිදුවීම වාර්තාවුණේ් අරණායක – අරම ප්‍රදේශයෙන්.
පොල් ඇහිලීමට ගිය පුද්ගලයෙකු පළමුව වැසිකිලි වළට වැටී ඇති අතර, ඔහු බේරාගැනීම සඳහා ගිය පුද්ගලයාද පසුව එම වැසිකිළි වලටම වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අසල්වැසියන් වන 34 සහ 70 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්.