දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩුවීමක් හෙට (11) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර සඳහන් කළේ බස්නාහිර, මධ්‍යම, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වලට විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ වැසි ඇතිවිය හැකි බවයි.
මේ අතර, රත්නපුර, කළුතර, කෑගල්ල, ගාල්ල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නිකුත් කළ නාය යාම් අවදානම තවදුරටත් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළා.