Gossips

වැස්සත් සමග ඩෙංගු අවදානම ඉහළට

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 11,162 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මේ දිනවල පවතින වැසි හේතුවෙන් යළිත් ඩෙංගු අවදානමක් මතුවිය හැකි බවයි.
ඩෙංගු අවදානමෙන් මිදීම සඳහා ජනතාව තමන් අවට පරිශ්‍ර පිරිසිඳුව තබාගැනීම පිළිබඳව සැළකිලිමත් විය යුතු බව, අයි.ඩී.එච්. උණ රෝහල හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.