Gossips

වැස්සට ගඩොල් සේදෙයි – මිලත් ඉහළ යන ලකුණු

පසුගිය දින කිහිපය තුළ පුත්තලම දිස්ත්‍රික්කයට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට ගඩොල් නිෂ්පාදනයට බාධා එල්ල වී තිබෙනවා.
පුත්තලම, තබ්බෝව, මයිලන්කුලම, මහකෝන්වැව, තේවනුවර සහ ප්‍රදීපාගම ආදී ගම්මාන රැසක ගඩොල් නිෂ්පාදනය සිදුකෙරෙනවා.
කෙසේ වෙතත්, වර්ෂාපතනයත් සමඟ ගඩොල් නිෂ්පාදනයට බාධා එල්ල වීම නිසා දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි ගඩොල් නිෂ්පාදනකරුවන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ගඩොලක් දැනට වෙළදපොළේ රුපියල් 10ත්, 12ත් අතර මිලකට අලෙවි වනවා.
කෙසේ වෙතත්, මෙම ගැටළුව නිසා ගඩොල් මිල ඉදිරියේදී ඉහළ යා හැකි බවයි ගඩොල් නිෂ්පාදනකරුවෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.