යාපනයේ – අල්වායි ප්‍රදේශයේ වැවක දියනාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. 
මොහු දියනෑම ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් ඔහු සම්බන්ධයෙන් යාපනය – කොඩිගාමන් පොලීසිය වෙත  ඊයේ පැමිණිලි කරනු ලැබුවා. 
පසුව ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව සිදුකළ විමර්ශනයකදීයි වැවෙහි මඬේ එරී මියගිය ගොස් සිටි මොහුගේ සිරුර සොයා ගත්තේ. 
මෙලෙස මියගොස් ඇත්තේ යාපනය – අල්වායි- කාලට්ටි ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පස්දරු පියෙක්.



