Gossips

වැලි ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ගැනීමට තැත් කළ හමුදා සෙබලෙකු පොලිස් දැලේ

මොණරාගල – ඌව කුඩා ඔය – ඇතිලිවැව ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුගෙන්, රුපියල් ලක්ෂ 5 ක කප්පම් මුදලක් ලබා ගැනිීමට උත්සාහ කළ හමුදා සෙබලකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කප්පම් මුදල ලබාගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගත් හමුදා සෙබළා සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත යකඩ බඳ සහිත අත්බෝම්බයක් සහ තවත් උපකරණ කිහිපයක් ඊයේ (24) සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.