ත්රිකුණාමලය – කින්නියා කන්දල්කාඩු ප්රදේශයේ වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ නාවික හමුදා මෙහෙයුමක් අතරතුර මහවැලි ගඟට පැන අතුරුදන්ව සිටි 20 හැවිරිදි අනෙක් තරුණයාගේ සිරුරත් පොලීසිය සොයාගෙන තිබෙනවා.
වැලි ජාවාරමේ යෙදී සිටි පුද්ගලයන් පිරිසක් ඊයේ අත්අඩංගුවට ගැනීමට යාමේදී ඉන් තුන් දෙනෙකු ගඟට පැන පිහිනා පළායාමට උත්සහ කිරීමේදියි දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වුණේ.
ඉන් එක් තරුණයෙකුගේ මළ සිරුර ඊයේ පස්වරුවේ සොයාගෙන තිබුණා.
