නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් සිටි සිවිල් ආරක්ෂක බලකා සෙබලෙකු සහ හිටපු යුද හමුදා සෙබලෙකු හොරොව්පතාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ඊයේ මොවුන් අත්අඩංගුවට ගත් බවයි.
ඒ, හොරොව්පතාන – අලියාකඩ ප්‍රදේශයේ අතුරු මාර්ගයකදීයි.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවයි වැටලීම සිදුකර ඇත්තේ.
