Gossips

වැලිමඩ ව්‍යාපාරිකයෙකුගෙන් මුදල් කොල්ලකෑ සිව්දෙනෙකු අත්අඩංගුවට

වැලිමඩ – දික්කාපිටිය ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් දෙලක්ෂ 70,000 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ව්‍යාපාරිකයා සිය ලොරි රථයෙන් එළවළු රැගෙන බිබිල ප්‍රදේශය බලා ගමන් කරමින් සිටියදී පිරිසක් පැමිණ ඔහුගේ මුදල් පසුම්බිය කොල්ල කා පලාගොස් තිබුණේ පසුගිය 12 වනදායි.
මේ පිළිබඳව ව්‍යාපාරිකයා බණ්ඩාරවෙල පොලීසියට පැමිණිල්ලක් කළ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන කිරීමෙන් අනතුරුවයි සැකකරුවන් සිව්දෙනා ඊයේ රාත්‍රියේ වැලිමඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ.
සැකකරුවන් 33 සහ 44 අතර වයස්වල පසුවන වැලිමඩ, බදුල්ල සහ ඌව පරණගම ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් අතර යුදහමුදාවෙන් පලාගිය සෙබලෙකුද සිටින අතර, මීට පෙර කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකුද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.