වැලිමඩ ප්‍රදේශයේ ගොවීන්ගේ අර්තාපල් අලෙවි කිරීමේදී මතුව ඇති ගැටලූ පිළිබදව බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරිය විසින් මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ වැලිමඩ – ඌව පරණගම ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවීන් සිය ගැටලූවලට විසදුම් ඉල්ලා පසුගිය 11 වනදා වැලිමඩ නගරයේදී පවත්වන ලද උද්ඝෝෂණයෙන් අනතුරුවයි.
ඉන් පසුව ප්‍රාදේශීය ලේකම්වරිය සහ ගොවි සංවිධානයේ නියෝජිතයින් අතර පැවැත්වූ සාකච්ඡාවේදී මතුවූ කරුණු මෙලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා ඇති බව සදහන්.
