Gossips

වැලි,ගල් සහ පස් ජාවාරම් මැඩලීමට වහාම පියවර ගන්න

රට තුළ නීති විරෝධි ලෙස ක්‍රියාත්මක වන වැලි, ගල් සහ පස් ජාවාරම් මැඩලීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ රජත ජයන්ති සැමරුම් උළෙලට ඊයේ (26) පස්වරුවේ එක්වෙමින්.
පරිසරය ආරක්ෂා කර ගැනීමේ ප්‍රමුඛ වගකීම මේ රටේ පවතින රාජ්‍ය ආයතන ගණනාවක් අතරින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට මෙන්ම මධ්‍යම පරිසර අධිකාරියට හිමිවන බව පැවසූ ජනාධිපතිවරයා එම ආයතන දෙක නිරන්තර සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කර තිබෙනවා.
වැලි, ගල් සහ පස් කැනීම් සදහා බලපත්‍ර ලබාදීමෙන් අනතුරුව අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පසුවිපරම් කිරීමේ වගකීම ප්‍රමුඛ කාර්යයක් බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.