Gossips

වැලිගම හෝටලයට වෙඩි තැබූ 06ක් අල්ලයි

වැලිගම – ගුරුබැබිල ප්‍රදේශයේ හෝටලයක සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රි 11ට පමණ බීමතින් සිටි පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ කතාබහක් දුරදිග යාම හේතුවෙන් වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
රිවෝල්වරයකින් වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා එය අදාල ස්ථානයේ දමා පළාගොස් තිබෙනවා.
වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හෝටල් හිමිකරුගේ සොහොයුරෙකු ද වන බවයි පොලීසිය සඳහන් කළේ.
මේ අතර පුත්තලම – ආනමඩුව – ආඩිගම නගරය ආසන්නයේ පිහිටි හෝටලයකට, ප්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ ආධාරකරුවන් පිරිසක් පෙරේදා රාත්‍රියේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුලූ තුන්දෙනා අද ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.