Gossips

වැලිගම සූදුපොළක් වටලා කාන්තාවන් 8 දෙනෙකු අත්අඩංගුවට

වැලිගම – රැලගම ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සූදු පොළක් වටලා කාන්තාවන් 8 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අතරින් කාන්තාවන් පස්දෙනෙකු පෙර වැරදි සම්බන්ධයෙන්ද චෝදනා ලැබ සිටින බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
වයස අවුරුදු 17 ත් 35 ත් අතර පසුවන මොවුන්ගේ ස්වාමි පුරුෂයන් ධීවරයන් වන අතර, ඔවුන් රැකියාව සඳහා පිටත්ව ගිය අවස්ථාවේ කාන්තාවන් සූදු ක්‍රීඩාවේ නිරත වන බවට හෙළිව තිබෙනවා.