Gossips

වැලිගම වැඩ බිමේ මියගිය තරුණයන්ගේ තොරතුරු එළියට – මරණය ගැන ඇති වූ සැකය මෙන්න

වැලිගම වැඩබිමක තරුණයන් දෙදෙනෙකු මියයාම ගැන පොලීසියෙන් විමර්ශන – විදුලි සැර වැදුණාදැයි සැකයක් – (ඡායාරූප)
වැලිගම – දෙනිපිටිය වැඩබිමක තිබී සොයාගත් තරුණයින් දෙදෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් පොලීසිය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.
අද අලූයම මෙම මළසිරුරු සොයාගනු ලැබුවේ එම ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුත්තක් සිදුකරන වැඩබිමක කොන්ක්‍රීට් කණු ඉදිකිරීම සඳහා ජලය ලබාගන්නා වළක තිබියදියි.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 24 සහ 32 වයස්වල පසුවන වැලිගම සහ දෙණිපිටිය ප්‍රදේශවල පදිංචි තරුණයින් දෙදෙනෙක්.
ඉන් එක් අයෙකු එම ඉදිකිරීම් කටයුතු සිදුකරන වැඩබිමේ හිමිකරුගේ සහෝදරයෙකු වන බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම පුද්ගලයා අද පෙරවරුවේ තවත් අයෙකු සමඟ එම ස්ථානයේ සේවය කරමින් සිට ඇති අතර, මෙම ජලය පිරුණු වළට වැටී මියගියේ කෙසේද යන්න මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.
කෙසේ වෙතත් විදුලි සැර වැදීමකින් අනතුරුව එම ජලය පිරුණු වලට වැටීමෙන් මෙම පුද්ගලයින් මියගියේද යන්න පිළිබඳව පොලීසිය සැක පළ කරනවා.
මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.