Gossips

වැලිගම වැඩ බිමකින් තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනේ – (ඡායාරූප)

වැලිගම – දෙනිපිටිය – වැඩබිමක තිබී තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
ඔවුන් වයස අවුරුදු 27 සහ 31 වියෙහි පසුවන්නන් බවයි පොලිසිය සදහන් කළේ.
වැලිගම පොලීසිය සදහන් කළේ මෙලෙස හමුවී ඇත්තේ අදාළ වැඩබිමේ සේවය කළ කම්කරුවන් දෙදෙනෙගේ සිරුරු බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

(ඡායාරූප – වැලිගම තරංග ගුණරත්න )