මාතර – වැලිගම – දෙනිපිටිය කනිෂ්ඨ විද්‍යාලය ආසන්නයේදී ව්‍යාපාරිකයෙකු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 12 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සැකපිට පුද්ගලයන් තුන්දෙනෙකු දෙණිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ අත්අඩංගුවට ගත් මෙම පිරිස සන්තකයේ තිබී යතුරුපැදියක්, ජංගම දුරකථන තුනක්, සහ සොරාගත් රුපියල් 40,000 ක මුදලක් සොයාගෙන ඇති බව සඳහන්.
22, 25 සහ 28 හැවිරිදි වයස්වල පසුවන මොවුන් දෙණිපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, මෙම කොල්ලකෑම සිදුකර තිබුණේ පසුගිය 22 වනදායි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වැලිගම පොලීසියට භාරදී තිබෙනවා.