Gossips

වැලිගම මුහුදේ අතුරුදන් වූ විදේශිකයාගේ සිරුර හමුවෙයි

වැලිගම – කප්පරතොට මුහුදු තීරයේ දිය නෑමට ගොස් ඊයේ (03) පස්වරුවේ අතුරුදන් වූ විදේශ ජාතිකයාගේ සිරුර සොයාගෙන තිබෙනවා.
අද (04) පෙරවරුවේ මෙම විදේශ ජාතිකයාගේ මතෘ ශාරිරය වැලිගම කප්පරතොට ධීවර ජැටියට ආසන්නව මුහුදෙහි පාවෙමින් තිබයදි වැලිගම පොලිසිය විසින් සොයාගෙන ඇති බව සඳහන්.
23 හැවිරිදි මෙම නොර්වේ ජාතිකයා තවත් විදේශිකයින් තිදෙනෙකු සමඟ මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.
අනතුරුව මිරිස්ස නාවික හමුදා කඳවුරේ සහ වෙරළාරක්ෂක කඳවුරේ නිලධාරීන් එක්ව මෙම පුද්ගලයා සොයා සෝදිසි මෙහෙයුම් සිදු කළද ඔහුගේ සිරුර සොයා ගැනීමට හැකියාව ලැබුනේ නැහැ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ (24) තරුණයක් වන අතර මොහු ඇතුළු පිරිස පසුගිය දෙසැම්බර් මස 29 දා ශ්‍රී ලංකාවට පැමිණ වැලිගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිටි බව සඳහන්.
මේ අතර අතුරුදන්ව සිටි විදේශීය ජාතිකයාගේ සිරුර සොයාගෙන වෙරළට ගෙන ඒමෙන් පසු ඔහු සමඟ මෙරටට පැමිණි සෙසු විදේශීය ජාතිකයන් සිය සගයගේ මරණය සම්බන්ධයෙන් ශෝකයට පත්වන අවස්ථාවා සංවේදී සිදුවීමක් වුණා.


ඡායාරූප – වැලිගම, තරංග ගුණරත්න