වැලිගම – පොල්අතුමෝදර පාලම අසළ ඔයෙහි පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් වැලිගම පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව අදාළ පුද්ගල මළ සිරුර සොයාගෙන ඇති අතර, එම මළ සිරුර වයස අවුරුදු 50 ක පමණ පිරිමි පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිරුර සොයා ගන්නා අවස්ථාවේ එය අධික ලෙස නරක්වී තිබූ අතර මළ සිරුරේ දකුණු පාදයෙහි දණහිස පහළ කොටස කිඹුලන් විසින් කා දමා ඇති බව සඳහන්.
ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගැනීමට නොහැකි වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
ඡායාරූප – වැලිගම, තරංග ගුණරත්න