Gossips

වැලිගම පාසලකට යතුරුපැදිවලින් පැමිණි පිරිසක් සිසුවෙකුට පහර දෙයි

මාතර – වැලිගම – ජඹුරේගොඩ ප්‍රදේශයේ පාසලකට යතුරුපැදි 04 කින් පැමිණි පිටස්තර තරුණයින් පිරිසක් පාසල් සිසුවෙකුට පහරදී තිබෙනවා.
තුවාල ලැබූ සිසුවා වැලිගම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
ඊයේ දහවල් යතුරුපැදි 04 කින් පැමිණි තරුණයින් පිරිසක් පාසලට ඇතුළු වී 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවාට පහර දී තිබෙනවා.
තුවාල ලැබූ සිසුවා වැලිගම – ජඹුරේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහුට පහරදීම සඳහා පැමිණි තරුණයින් ඉමදූව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.