වැලිගම – පොල්අතුමෝදර පාලම විවෘත කිරීමේදී ඇති වූ උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ ඇතුලූ 9 දෙනෙකු වැලිගම පොලීසියට භාරවීමෙන් අනතුරුව ඊයේ අත්අඩංගුවට ගත්තා.
ඒ අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාද සිටින අතර, සෙසු සියලූදෙනාම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
ඔවුන් සියලූදෙනාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනවා.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.
ඊයේ අත්අඩංගුවට ගත් 9 දෙනා අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව අතර ඔවුන්ට එරෙහිව පොලිස් රාජකාරියට බාධා කිරීම සහ මහජන සාමය කඩකිරීම යන චෝදනා එල්ලවී තිබෙනවා.
පසුගිය 11 වනදා අමාත්‍ය සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පාලම විවෘත කිරීමේ අවස්ථාවට පෙර එම ස්ථානයට පැමිණි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් එම ස්ථානයේ නොසන්සුන් අයුරින් හැසිරුණා.