Gossips

වැලිගම නව සභාපති එරෙහිව විරෝධතා

වැලිගම නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (24) පෙරවරුවේ වැලිගම බස් නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවය නිරත වුණා.
ඒ, වැලිිගම නගර සභාවේ සභාපතිවරයා ලෙසට රෙහාන් ජයවික්‍රම පත්කරන ලෙසට සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයෙන් දැන්වීමත් සමඟයි.
පසුගිය 15 වනදා නගර සභාවේ සභාපතිවරයා පත් කර ගැනීම සඳහා සභාවේ රහස් ඡන්දයක් පැවැති අතර එහිදී තේරි පත්වුයේ එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කර අරින්ද්‍ර සරත් කුමාරයි.
ඒ සම්බන්ධයෙන් වන තීරණය සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට දැන්වීමෙන් පසුවයි රෙහාන් ජයවික්‍රම සභාපතිවරයා ලෙසට නම් කර ඇත්තේ.
ඉන් පසුව මේ තීරණයට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් සහ එම නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු මෙලෙස විරෝධතාවක නිරත වුණා.
එහිදී ඔවුන් පොල් ගසමින් විරෝධතාවයේ නිතර වූ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.