Gossips

වැලිගම නගරයේ ආපනශාලා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ පරික්ෂාවට (ඡායාරූප)

වැලිගම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් විසින් වැලිගම නගරයේ පිහිටි ⁣ආපනශාලා අද (30) දිනයේදී හදිසි පරික්ෂාවකට ලක් කෙරුණා.
එහිදී අපිරිසිදු අයුරින් පවත්වාගෙන ගිය ආපනශාලා සහ අක්‍රමවත් ලෙස ආහාර ගබඩාකර තිබූ ආපනශාලා වලට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු කියා සිටියේ.
එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද ඉලක්ක කරගනිමින් මෙම පරික්ෂා කිරීම් සිදුකර තිබෙනවා.

ඡායාරූප – වැලිගම, තරංග ගුණරත්න