වැලිගම – අකුරැස්ස මාර්ගයේ මදුරාගොඩ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 8ක කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව තිබුණේ වැලිගම දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් ගත් මෙම දරුවාගේ ගැටීමෙනුයි.
මියගිය දරුවා වැලිගම – මදුරාගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
