Gossips

වැලිගම්පිටියේ වෙඩි තැබීමකින් කාන්තාවකට තුවාල

ජාඇළ – වැලිගම්පිටිය මංසන්ධියේදී අද සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෝටර් රථයකින් පැමිණි පිිරිසක් තවත් මෝටර් රථයක ගමන් කරමින් සිටි මෙම කාන්තාවට වෙඩි තබා පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් මෙතෙක් හඳුනාගෙන නැහැ.
අදාළ කාන්තාව කඳාන ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවට මේ වනවිට තොරතුරු ලැබී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.