Gossips

වැලිගම්පිටියේදී වැරදුණු පාතාල කුරුමානමේ සැකකරු අල්ලයි

වැලිගම්පිටියේදී අත්වැරදිමකින් සිදු වු වෙඩි තැබීමකින් දෙදරු මවක් ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු මෝටර් රථයද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ අතුරුගිරිය ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිසිය සඳහන් කළේ.
ගල්ඔය – හිඳගල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මොහොමඞ් රහිම් නොහොත් පී‍්‍රති නමින් හඳුන්වන මෙම සැකකරු ව්‍යාජ හැඳුනුම්පතකින්ද පෙනිසිට ඇති බව මුලික පරික්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.
පසුගිය මස 30 වනදා කඳාන පොලිස් වසමේ වැලිගම්පිටිය ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවක් වෙඩි තබා ඝාතනය කෙරුණා.
පසුව අනාවරණය වුයේ ඉලක්කය වැරදීමකින් මෙම වෙඩි තැබීම සිදු වු බවටයි.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පතාල සමාජිකයෙකු ඉලක්ක කර ගනිමින් තවත් අපරාධ කල්ලියක සමාජිකයින් පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණා.
පාතාල සමාජිකයා සහ මෙම කාන්තාව ගමන් ගත් මෝටර් රථ වල පැහැය සමාන වීම හේතුවෙන් ඉලක්කය වැරදී ඝාතනය සිදු වී ඇති බවටයි වැඩිදුර පරික්ෂණ වලදී හෙළිවී ඇත්තේ.
අපරාධය සිදු වු ස්ථානයේ සී.සී.ටී.වී දර්ශණ ඔස්සේ සිදු කරන ලද විමර්ෂණ වලදී අපරාධය සඳහා පැමිණි මෝටර් රථයේ අනන්‍යතාවය හඳුනා ගෙන තිබුණා.
වැඩිදුරටත් අනාවරණය වී තිබුණේ නුවර ප්‍රදේශයේ කුලි පදනම මත වාහන ලබා ගන්නා ආයතනයකින් අදාළ මෝටර් රථය ලබා ගෙන ඇති බවටයි.
එම තොරතුරු ඔස්සේ සිදු කළ දීර්ඝ විමර්ශණයකින් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.