Gossips

වැලිගම්පිටියේදී කන්ටේනර් රථ අනතුරකින් දෙදෙනෙකු මරුට

මීගමුව – කොළඹ මාර්ගයේ ජාඇළ – වැලිගම්පිටිය මංසන්ධියේදී කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අද (05) අලුයම සිදුවූ මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ කන්ටේනර් රථයේ රියදුරා රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.
මාර්ගයේ ගමන් කළ පදිකයෙකු සහ කන්ටේනරයේ රිය සහකයා මියගොස් ඇති අතර, ඔවුන් අවුරුදු 32 සහ 23 වයස්වල පසුවන මොරවක පල්ලෙකන්ද සහ ගාල්ල – පාලටුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති අතර, අසළ නවතා තිබූ ලොරි රථයකද එය ගැටී තිබුණා.