Gossips

වැලිගමදී ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 12ක් පැහැර ගනී

මාතර – වැලිගම – දෙනිපිටිය කනිෂ්ඨ විද්‍යාලය ආසන්නයේදී ව්‍යාපාරිකයෙකු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 12 ක මුදලක් කිසියම් පිරිසක් කොල්ලකා පලාගොස් තිබෙනවා.
පොලීසිය කියා සිටියේ අද අලුයම 2 යි 30 ට පමණ මෙම කොල්ලය සිදුව ඇති බවයි.
ව්‍යාපාරිකයා තම ලොරි රථයෙන් දෙනිපිටිය මංසන්ධියේ පිහිටි අලෙවිසැලකට ගොස් ඇති අතර, රථය එහි නවතා යළි පාගමනින් නිවෙසට පැමිණෙමින් සිටියදීයි මෙම කොල්ලකෑම සිදුවී ඇත්තේ.
ව්‍යාපාරිකයා පොලීසියට පවසා ඇත්තේ පිටුපසින් පැමිණි පුද්ගලයන් තිදෙනෙකු තමාව පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසමින් මුදල් කොල්ලකෑම සිදුකළ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.