Gossips

වැලිකන්දේ දී දියේ ගිලුණු ජීවිතය (ඡායාරූප)

පොළොන්නරුව, වැලිකන්ද, බෝඅත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ඊයේ (01) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
බෝඅත්ත එෆ්.සී. ඇලේ දිය නෑමට ගිය පුද්ගලයෙකුයි මෙලෙස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
නියබේපොළ, මැදවල ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (02) දින සිදුකිරීමට නියමිතයි.
වැලිකන්ද පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඡායාරූප – පොළොන්නරුව, රොෂාන් තුෂාර තෙන්නකෝන්