Gossips

වැලිකන්දේ දී දැවැන්තයෙකුට වෙඩි

පොළොන්නරුව, වැලිකන්ද, සෙවනපිටිය ප්‍රදේශයේ වන අලියෙකු වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
දඩයක්කරුවෙකු විසින් මෙම සත්වයාට වෙඩි තබා ඇති බවට සැක කෙරෙන අතර වෙඩි පහරින් වන අලියාගේ ඉදිරිපස වම් පාදයට තුවාල සිදුව තිබෙනවා.
ගිරිතලේ පශු වෛද්‍ය නිලධාරීන් විසින් මෙම සත්වයාට ප්‍රතිකාර කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.