Gossips

වැලිකන්දේ අනතුරකින් 21 දෙනෙකු තුවාල ලබද්දී හිගුරක්ගොඩදී පාසල් සිසුන් 12 දෙනෙකු රෝහල් ගත කෙරේ

වැලිකන්ද – මොණරතැන්න ප්‍රදේශයේදී බස් රථයක් සහ කන්ටේනර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද උදෑසන සිදුවූ අනතුරකින් 21 දෙනෙකු තුවාල ලැබුවා.
බස් රථයේ සහ ලොරි රථයේ රියදුරන්ද එලෙස තුවාල ලැබූ අය අතර සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මේ අතර හිඟරක්ගොඩ ආනන්ද බාලිකා විද්‍යාලය අසලදී කැබ් රථයක් පෙරළී යාමෙන් පාසල් සිසුන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
රථ පෙළපාලියකින් යමින් සිටියදී මෙලෙස අද උදෑසන කැබ් රථය අසල පිහිටි ඇළ මාර්ගයකට පෙරළී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එහිදී තුවාල ලැබූ සිසුන් 12 දෙනෙකු හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඡායාරූප – මනම්පිටිය නිමල් ජයරත්න