Gossips

වැලිකඩ සිද්ධියට අත්අඩංගුවට ගත් එමිල් රන්ජන් ළමාහේවා යළි රිමාන්ඩ්

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මේ මස 08 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, සැකකරු අද (01) පෙරවරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
නඩුව කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සිද්ධියට යොදාගත් ගිනි අවි සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවයි.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.