Gossips

වැලිකඩ විරෝධතාව ගැන සොයන්න අමාත්‍යාංශයෙන් විශේෂ නිලධාරියෙක්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් එහි වහලය මත නැග, ආරම්භ කර ඇති විරෝධතාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරිය, විශේෂ නිලධාරියෙකු යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම් මංගලිකා අධිකාරි සඳහන් කළේ අද උදෑසන අදාළ නිලධාරියා බන්ධනාගාරයට ගොස් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි.
බන්ධනාගාරය තුළ නිසි පහසුකම් නොලැබෙන බව සහ නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින් කාන්තා රැදවියන් පිරිසක් ඊයේ ආරම්භ කළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මකයි.
වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ රැදවියන් 5 දෙනෙකු පමණ වහලය මත නැගී මේ වන විටත් විරෝධතාවයේ නිරත වන බවයි.