Gossips

වැලිකඩ වහළයේ කාන්තා රැඳවියන්ට කොන්දේසි

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ගේ විරෝධතාවට බලපෑ කරුණු පිළිබඳව සොයා බලන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම් මංගලිකා අධිකාරී, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
වහලය මත නැගී විරෝධතාවයේ නිරත කාන්තා රැඳවියන් එය අවසන් කර පැමිණෙන්නේ නම් සාකච්ඡා කිරිම සඳහා අමාත්‍යාංශ නිලධාරියෙකු යොමු කිරීමට ද සූදානම් බවයි අමාත්‍යාංශ ලේකම්වරිය සඳහන් කර ඇත්තේ.
බන්ධනාගාරය තුළ නිසි පහසුකම් නොලැබෙන බව සහ නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 10 දෙනෙකු පමණ මෙලෙස වහලය මත නැගී විරෝධතාවයේ නිරතවන්නේ දෙවන දිනටයි.
ඔවුන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් තුවාල ලැබූ කාන්තා රැඳවියන් හතරදෙනා බන්ධනාගාර රෝහලේ තවමත් ප්‍රතිකාර ලබනවා.