Gossips

වැලිකඩ රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක

වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් පිරිසක් අද පස්වරුවේ සිට ආහාර වර්ජනයක නිරතවනවා.
ඒ, සිය නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින්.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ මෙම ආහාර වර්ජනය සඳහා එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 43 දෙනෙකු එක්ව සිටින බවයි.