Gossips

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියෙකු මියයයි

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියෙකු අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සදහන් කරන්නේ පසුගියදා විරෝධතාවයේ නිරතවී තුවාල ලැබූ කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට සැක මතුවන බවයි.
මේ හේතුවෙන් අදාළ රැදවියගේ මරණය සම්බන්ධයෙන් කඩිනමින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලමින් ඔවුන් අද බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.
මේ සම්බන්ධයෙන් අප බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණියගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ අදාළ කාන්තා රැදවියෑ හෘදයාබාධයකින් මියගොස් ඇති බවට සැක පළ කරන අතර, මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට කටයුතු කරන බවයි.
විරෝධතාවයට සම්බන්ධ වූ කාන්තා රැදවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බව ද ඔහු සදහන් කළා.