Gossips

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිට අල්ලස් දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් 25,000ක අල්ලස් මුදලක් ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ මෙම අල්ලස් මුදල ලබාදීමට සූදානම් වූ අවස්ථාවේදී වැලිකඩ පොලීසිය තුළ දී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
නාවල ප්‍රදේශයේ පිහිටි ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් පුදගලයින් 5 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලා මෙම පුද්ගලයා අදාළ අල්ලස් මුදල ලබාදීමට සූදානම් වී ඇති බව සඳහන්.
මේ අතර, ගුරු මාරු ලබාදීමේදී විවිධ ජනප්‍රිය පාසල් ලබාදෙන බව පවසමින් ගුරුවරුන්ගෙන් අල්ලස් ලබා ගන්නා බවට චෝදනා එල්ල වන භික්ෂූන් වහන්සේ නමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.
අධ්‍යාපන වෘත්තීය සමිතියක ප්‍රධාන තනතුරක් දරණ එම හිමි නම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින්.