වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරු වන සුදේශ් නන්දිමාල් ගොනු කර තිබූ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (05) නියෝග කළා.
ඒ මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න හමුවේ කැදවූ අවස්ථාවේදීයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බැවින් අදාල පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් කරුණු දක්වමින් කියා සිටියා.
එය පිළිගනිමිනුයි අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.
2012 වසරේ නොවැම්බර් 11 වන දින වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනයට ලක්වූ අතර ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලායි සුදේශ් නන්දිමාල් මෙම පෙත්සම ගොනු කර තිබුණේ.
