වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් යළිත් බන්ධනාගාර වහලය මත නැග විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
අද දින මෙලෙස කාන්තා රැඳවියන් යළි විරෝධතාව ආරම්භ කර ඇත්තේ ඔවුන් බන්ධනාගාරයේ වෙනත් ස්ථානවලට මාරු කිරීමට විරෝධය පළ කරමින්.
මීට දින කිහිපයකට පමණ පෙර ද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කාන්තා රැඳවියන් පිරිසක් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් බන්ධනාගාර වහලය මත නැගී විරෝධතාවයේ නිරත වුණා.
