රාජගිරිය – වැලිකඩ – සුනෙන්දාරාම විහාරස්ථානය අසළදී හෙරොයින් ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 10 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
