Gossips

වැලිකඩට පැමිණි රැදවියෙකුගේ බිරිඳක්, ඝාතන උත්සහයක් වරදී (ඡායාරූප)

වැලිකඩ බන්ධනාගාරගතව සිටින සිය සැමියා බැලීමට පැමිණි කාන්තාවක ඝාතනයට තැත් කළ පුද්ගලයින් 5 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද දහවල් බන්ධනාගාරයට පැමිණි ඇය ආපසු යමින් සිටියදී ඝාතනය කිරීමේ උත්සහයක් පවතින බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණා.
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඝාතනය සඳහා පැමිණි දෙදෙනෙකු වැලිකඩ ප්‍රදේශයේදීත්, තවත් තුන් දෙනෙකු රාජගිරිය ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව තිබූ යතුරුපැදියක්, ත්‍රිරෝද රථයක්, අත්බෝම්බයක්, මන්නා පිහියක් මෙන්ම හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 610ක් ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.