Gossips

වැලිඔය පොලිස් කොස්තාපල් යළි රිමාන්ඩ්

වැලිඔය පොලිස් අත්අඩංගුවේ සිටි බාල වයස්කාර පිරිමි දරුවෙකු පොලිස් ස්ථානය තුළදීම බරපතල ලෙස අපයෝජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා ලබන 20 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ සැකකරු කැබිතිගොල්ලෑව වැඩබලන මහේස්ත්‍රාත් රෝහණ ගුණවර්ධන හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.