Gossips

වැල්වැටිතුරේ ක්‍රීඩාංගණයක ගැටුමකින් 24 කට තුවාල

යාපනය වැල්වැටිතුරේ ප්‍රදේශයේ තරුණයන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 24 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
ඊයේ සවස ගැටුම සිදුවී ඇත්තේ ක්‍රීඩාංගණ දෙකක ක්‍රීඩා කරමින් සිටි පිරිසක් අතරයි.
නෙඩියකාඩු ප්‍රදේශයේ ක්‍රීඩාංගණ දෙකක දිනපතා සවස් කාලයේදී තරුණයන් එක්වී විවිධ ක්‍රීඩා ඉසව්වල නිරත වන අතර එහිදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ගැටුම සිදුව ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.
තුවාල ලැබු 21 දෙනෙකු යාපනය රෝහලට සහ තවත් 3 දෙනෙකු පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කර තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට විමර්ශණ ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.