Gossips

වැල්ලව දී කැබ් රථයක් දුම්රියේ ගැටී 5 දෙනෙකුට තුවාල

කුරුණෑගල – වැල්ලව දුම්රිය හරස් මාර්ගයේදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අද අලූයම හිරිපිටියේ සිට කුරුණෑගල දෙසට ධාවනය වූ කැබ් රථයක්, ත්‍රිකුණාමලය සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් කැබ් රථයේ ගමන් ගත් පුද්ගලයන් 5 දෙනාම තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කෙරුණා.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
තුවාල ලැබූ පිරිස අතර යුද හමුදා මේජර්වරයෙකු ද සිටින අතර ඔවුන් හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවන්.
අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ගයේ සංඥා නිකුත් කර තිබී ඇති අතර, කැබ් රථයේ රියදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.