වැල්ලවාය කොටිකංබොක්ක රක්ෂිතයට අද (27) කිසියම් පුද්ගලයකු විසින් ගිනි තබා ඇති බව පොලිසිය පවසනවා.
මේ වනවිට ගින්න රක්ෂිතය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි අප වාර්තාකරු පැවසුවේ.
ගින්න හේතුවෙන් මේ වනවිට රක්ෂිතයේ අක්කර 20 කට වඩා දැනට විනාශ වී ඇති බවයි වාර්තාවන්නේ.
මෙම රක්ෂිතය පිහිටා ඇති ප්‍රදේශයේ දුර්ලභ ඝනයේ ශාක ඖෂධ රැසක් පිහිටා ඇති අතර ගින්න නිසා රක්ෂිතයේ ඉපැරැණි ශාක රැසක්ම විනාශ වී තිබෙනවා.
( ඡායාරූප – ජයන්ත වීරසේකර )
