Gossips

වැල්ලවාය නගරයේ අපිරිසිදු ආහාර අලෙවි කළ වෙළඳසැල් 25 කට නඩු

වැල්ලවාය නගර සීමාවේ සිදුකළ වැටලීමකදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳසැල් 25 කට එරෙහිව නඩු පවරා තිබෙනවා.
නිසි පරිදි ආහාර ඇසුරුම් නොකිරීම සහ ආහාර ගබඩා කිරීමේ ගැටළු සම්බන්ධයෙනුයි මෙලෙස නඩු පවරා ඇත්තේ.
ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලීසිය එක්ව සිදුකළ මෙම වැටලීමේදී වෙළඳසැල් 100 ක් පමණ පරීක්ෂාවට ලක් කර තිබෙනවා.